රෝහණ රාජතිලක
දෙමළ ජනතාව සඳහා ‘බලය බෙදීම’ යන නාටකය දැන් නැවතත් කරැළි ගැන්වී ඇත. වත්මනෙහි යළිත් ජනප‍්‍රියව අතුවා මිස මෙය අළුත් නාටකයක් නම් නොවේ. වෙනත් විදියකින් පවසන්නේ නම් මෙය මුළින්ම කරැළි ගැන්වෙන්නේ 2009 වසරේදී කොටි ත‍්‍රස්තවාදය ලබන පරාජයෙන් පසුව නොවේ. මේ සඳහා ඇත්තේ හුඟක් ඈතට යන ඉතිහාසයකි. ‘බලය බෙදීම’ නම් වූ මෙම නාට්‍ය පිටපත ලියවෙන්නේ හා අධ්‍යක්‍ෂණය කෙරෙන්නේ බි‍්‍රතාන්‍ය යටත් විජිතයෙන් ඉන්දියාව හා ලංකාව නිදහස ලැබුවාට පසුව ද නොවේ. තවත් විදියකට කියනවානම් මෙය සුදු අධිරාජ්‍ය වාදීන් විසින් මෙරටට හඳුන්වා දෙන ලද නාට්‍යක් නොවේ. ඊටත් එහාට දිවෙන ඉතිහාසයක් මෙයට ඇති නිසා ‘බලය බෙදීම’ යනු එක්තරා ආකාරයක ඓතිහාසික නාට්‍යක් යැයිද කිව හැකිය. මෙය වත්මන් ආකාරයෙන් රඟ දැක්වෙන්නට බලපාන කතා මූලය සියවස් ගණනාවක් පැරිණියැයි කීමද නිවරදිය. දකුණු ඉන්දියාවෙන් ලංකාවට වරින් වර සිදුවන කාලිංග මාඝ වර්ගයේ ආක‍්‍රමණ වලට ද එය සීමා නොවන්නකි. පස්වැනි සියවස හරියේදී බුද්ධඝෝෂ හිමියන් ලංකාවට පැමිණ සිදුකරන ‘පාලි මෙහෙයුම’ද මේ කතා මූලයේම යටගිය සංධිස්ථානයකි. එයිනුත් එහාට යනවානම් විජය ඇතුළු පිරිසගේ මෙරට කඩාවැදීම ද මේ ‘බලය බෙදීම’ නම් නාට්‍ය පිටතට මුල් වෙන ඓතිහාසික සිද්ධිමාලාවේ වැදගත් සන්ධිස්ථානයකි. මහින්දාගමනය මෙන්ම බුදුන්ගේ ලංකා ගමනයද මේ කතාමාලාව වෙනත් පැතිකඩක් නිරූපනය කරන සන්ධිස්ථානය. රාවණගේ වීරත්වය හා විභීෂණ ගේ පාවාදීම යන කතා පුවත් මඟින් ද මේ කතාවේ මූලය තවත් ඈතට ඇදී යන අයුරු පෙන්වා දිය හැකිය. වරෙක උණුසුම් ප‍්‍රතිචාර විචාර ඇතිව ද වරෙක නිද්‍රාශීලීව ද ‘බලය බෙදීම’ නම් වූ මේ නාටකය මෙතරම් කාලයක් තිස්සේ එකදිගට වේදිකාවේ රඳවා ගන්නට හේතු වී ඇති රහස කුමක්ද? වෙනකක් නොව එහි පිටපත් රචනයේ ඇති සාර්ථකත්වය ම වේ. මේ නාට්‍ය සතු විශේෂම ලක්‍ෂණය වන්නේ නළුනිළියන් අතර ගැටුමක් හෝ නාට්‍යමය ජවනිකා එතරම් ප‍්‍රධාන නොවීමයි. මේ නම් කුමන ආකාරයේ නාට්‍ය අකෘතියක්ද යන්න හරියටම අවබෝධ කරගන්නටනම් මේ දවස්වල අති සාර්ථකව වේදිකා ගත කෙරෙන උදයසිරි වික‍්‍රමරත්නගේ ‘සුද්දෙක් ඔබ අමතයි’ නාට්‍ය නැරඹිය යුතුය. ‘සුද්දෙක් ඔබ අමතයි’ නාට්‍යයේද නළු නිළියන් තනි තනිව රඟදක්වනවා (කතා පැවත්වීම) මිස සම්ප‍්‍රදායික නාට්‍යයක් සතු නළු නිළියන් අතර නාට්‍යමය සංවාදය හෝ ‘ගැටුම’ නැත. එහෙත් මේ නාට්‍ය මඟින් සාමාන්‍ය නාට්‍ය ආකෘතියකින් පැවසිය නොහැකි තරම් පළල් පරාසයක් කතන්දරයක්, ඉතිහාස කතාවක් පැවසීමට අවස්ථාව ඇත. ඒ නිසාම ඉතිහාසය පුරා සිදුවීම් එමඟින් වේදිකාවට ගෙන ආ හැකිය.
|
|
Read more...
|
|
ලක්‍ෂමන් පියසේන
‘සුද්දෙක් ඔබ අමතයි’ නාට්‍යයේ මංගල දර්ශනයත් මේ නොබෝදා වේදිකාගත කළ එහි පනස්වැනි දර්ශනයත් මම නැරඹුවෙමි. වේදිකා නාට්‍ය ඉතිහාසය ගැන සලකන විට මෙය වැදගත් සංධිස්ථානයක් සටහන් කරන නාට්‍යයක් බව පළමුව සඳහන් කළ යුතුය. වේදිකා නාට්‍යක අත්‍යවශ්‍යම අංගයක් සේ සැලකෙන නළු නිළියන් අතර සංවාදය හෝ චරිත ඝට්ටනය මුළුමනින්ම ඉවත දැමීම ‘සුද්දෙක් ඔබ අමතයි‘ නාට්‍යයේ ඇති මූලික ලක්‍ෂණයකි. එසේ නාට්‍යමය ආකෘතිය අතින් විප්ලවීය වෙනසක් වූ ‘සුද්දෙක් ඔබ අමතයි’ පේ‍්‍රක්‍ෂකයාට ගැටළුවක් වී නැති බව ඒ පනස් වැනි දර්ශනය නරඹන විට මට හොඳ හැටි පසක් විණි. එදා ටවර් රඟහළේ දී එකී පනස්වැනි දර්ශනය නරඹන විට වයස එකොලහේ හා දහ හතරේ පසුවන මගේ පුතුන් දෙනොද වූහ. හොඳ ක‍්‍රිකට් ලෝලීන් වූ ඔවුන් සංගක්කාරගේ පිති හරඹයක් දකින විට විඳින අමන්දානන්දය මුළු නාට්‍ය පුරාම විඳිනවා මම දුටුවෙමි. නාට්‍යයේ අර්ථ රසය විචාර ශීලීව ඔවුන් වටහා ගත්තායැයි මම නොසිතමි. ‘මේ නට්‍යයේ දී නළුවො දෙන්නෙක් හා එක් නිළියක් වෙන වෙනම ඇවිත් කතා පැවත්වූවා විතරයිනෙ? වෙනද බලපු නාට්‍යක වගේ නළුනිළියන් අතර සංවාදයක් තිබුණේ නැහැනෙ?’ යනුවෙන් නාට්‍ය බලා එන අතර මඟදී මා කී විට වැඩිමහල් පුත‍්‍රයා ඊට දුන් පිළිතුර මෙසේ විය. ‘සංවාදයක් තිබුණ. හැබැයි ඒ නාට්‍ය බලපු අපිත් එක්ක.’ නාට්‍යයේ අරුත කෙසේ වෙතත් නාට්‍ය ආකෘතිය දරුවන්ටත් ග‍්‍රහණය වන බව සහතික කරගන්නට ඒ ප‍්‍රකාශය හොඳටම සෑහේ. එය උදයසිරි වික‍්‍රමරත්නගේ අපූරු නාට්‍ය පිටපත මෙන්ම ජයලත් මනෝරත්න, නලින් ප‍්‍රදීප් උඩුවෙල හා මාදනී මල්වත්තගේ දක්වන අපූරු රංගන දායකත්වයේ ප‍්‍රතිඵලයයි. ලාංකික ජන සමාජයේ නිදන් ගතව ඇති කතන්දර අසන්නට ඇති රුචිය අපූරු ලෙස මෙහිදී යොදාගෙන ඇත. ලාංකික ජන සමාජය ගැන ඉතාම පළල් විවරණයක් ගෙන එන මෙම නාට්‍ය පුරාම ඇත්තේ ‘අපට වී ඇති වින්නැහිය’ ගැන තම තමන්ට තනි තනිවම සංවාදයක හෝ ස්වයං විවේචනයක යෙදෙන්නට මඟ සලසා දීම යැයි මට හැෙඟ්. පේ‍්‍රක්‍ෂකයාට කිසිදු වෙහෙසක් නොදී එවැනි පළල් සමාජ විවරණයකට යන්නට උදයසිරි ඉදිරිපත් කරන නව නාට්‍ය ආකාතිය විශාල පිටුබලයක් වී ඇත. අපගේ විවේචන හා පහරදීම් වල මුලටම ඇත්තේ බටහිර සුදු සංස්කෘතිය වුවද, අපට පුදුම විදියට ආඩම්බර විය හැකි ඉතිහාසයක් හා සංස්කෘතියක් උරුමව ඇතැයි පැවසුනද, සමාජවාදය ප‍්‍රජාතන්ත‍්‍රවාදය දේශානුරාගය ජාතික චින්තනය ආදී වශයෙන් විග‍්‍රහ කරන මතවාද ගැන අප තරම් වෙන කවුරුවත් දන්නේ නැතැයි අප සිතා ගෙන සිටිය ද වත්මන් ලාලංකික ජන සමාජයේ ‘චින්තන ලෝකය’ එදා නුවර යුගයටත් වඩා කුඩා ලිඳක ප‍්‍රමාණයක් වීම ‘අපට වී ඇති වින්නැහිය’ වේ. සුද්දෙක් ඔබ අමතයි මඟින් ඇත්තටම අමතන්නේ මෙන්න මේ වින්නැහිය වටහා ගන්නා හා නොගන්නා සැම දෙනාගේ හෘද සාක්‍ෂියට යන්න මගේ වැටහීමයි.
|
|
Read more...
|
ලක්‍ෂමන් පියසේන
ලංකාව, ආසියාවේ ආශ්චර්ය බවට කෙසේ වෙතත් දූෂණය වංචාව අතින් ඉහළට ම ගිය හා නීතියක් සදාචාරයක් නැති රටක් විදියට ආසියාවේ එකට පැමිණෙමින් සිටින බවනම් කිව හැකිය. හෙජින් ගනුදෙනුව යනු ඒ නිරුවත හොඳින්ම හෙළි වන්නකි. පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කළ කරුණු දැක්වීමට අනුව මේ නිසා රටට ගෙවන්නට සිදුවන වන්දිය රුපියල් කෝටි 5000 ඉක්මවනු ඇත. රටේ සියලූම රෝහල් වලට බෙහෙත් සැපයීමට හා අනෙකුත් පහසුකම් සැපයීමට වර්ෂයකට වැයකරන්නේ රුපියල් කෝටි 1100 ක් වීමත් සමෘධි සහනාධාරය වෙනුවෙන් වැයකරන්නේ රුපියල් කෝටි 900 ක් වීමත් පමණක් ගැන සලකන විට වුවද හෙජින් ගනුදෙනුවෙන් රටට අහිමි වන මුදල මොන තරම් විශාල ද යන්න තේරුම් යනු ඇත. රට අර්බුදයෙන් අර්බුදයට ම යවන මෙම මුදල් නාස්තිය හිතා මතාම කළ වරදක් නිසා ඇති වූවක් බව එකී ගනුදෙනුව ආරම්භයේ පටන් ඊට වගකිව යුතු දේශපාලනඥයන් හා රාජ්‍ය නිළධාරීන් හැසිරී ඇති ‘තමන් සියල්ලම දනනවා’ යැයි අඟවන උද්ධච්ච භාවයෙන් ම පෙනී යයි. භයානකම කාරණය වන්නේ මේ වන්දිය පොදුවේ රට මත පටවා අත පිහදා ගන්නා මේ රාජ්‍ය තන්ත‍්‍රය, හෙටත් අළුතින් එවැනි දූෂණයකට නිරුපද්‍රිතව යොමු වීමට ඇති ඉඩ අවස්ථාවයි. බාල පෙට්ට‍්‍රල් ගෙන්වා වාහන හිමියන්ට හා ඉන්ධන හල් වෙත විශාල අලාභයක් කළ පසුව ඊට කිසිදු වන්දියක්, පාඩුව විඳ ගත් පොදු ජනතාවට නොගෙවා හා ඒ ගැන නැෙඟන විරෝධය මැකී යන්නත් මත්තෙන් තවත් ඞීසල් තොගයක් පෙර ලෙසින් ම ඇණවුම් කිරීම මේ සිදුවීම් වල අශිලාචාර ස්වභාවය පැහැදිළි කරන තවත් පුංචිම නිදසුනකි. මෙවැනි දේ ගැන නිදා වැටෙන ‘පොදු ජන හඬ’ ඇහැරවන්නට දේශපානව හෝ මාධ්‍ය මඟින් ස්වාර්ථයෙන් (තම පෞද්ගලික අරමුණු වලින්) යන්තම්වත් අත්මිදුණු පියවරකට නොයාම ලංකාවේ දැන් දකින්නට ඇති ලොකුම වංචාව වේ. විශේෂයෙන්ම මෙරට ජන මාධය මූලිකව ම තම වගකීම පසෙක ලා ඇති නිසා මේ රාජ්‍ය තන්ත‍්‍රය එවැනි දේ පුන පුනාම කරන්නට කිසි විටෙක බිය නොවෙනු අත.
|
|
Read more...
|
ලක්‍ෂමන් පියසේන
සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා එදා නිහස් අධ්‍යාපන පනත මැති සබයට ගෙන එන්නට කටයුතු කිරීමේදී, ඔහුගේ උත්සහයන් කිහිපයක්ම ඞී. එස්. සේනානායක මහතා නිසා ප‍්‍රමාද කරන්නට සිදුවී ඇත. ‘ ඕක සම්මත කර ගන්න හදිසි වෙන්න එපා’ යැයි ඞී. එස්. කිහිප වරක්ම කන්නන්ගර මහතාට කියා ඇතැයි පැවසේ. ඞී. එස්. ඊට අකමැති වූයේ කවර හේතු මත ද යන්න හරි හැටි පැහැදිළි නැතත් ඞී. එස්. යනු නිදහසින් පසු මෙරට පහළ වූ දිග දුර දුටු බුද්ධිමත්ම රාජ්‍ය නායකයා වීම නිසා එහෙම ඉල්ලීමක වටිනා අරුතක් ද නොතිබෙන්නට නොහැකිය. නමුත් ගමේ දුප්පත් (නිර්ධන පංතියේ) ළමයින් ඉගෙන ගන්නවට නාගරික පොහොසතුන් (ධනපති පංතිය) අකමැති වීම ඞී. එස්. වෙතින් එසේ ප‍්‍රකාශ වී යැයි සමකාලීන වාමාංශික දේශලපානයේ හැඳින්වීම විය. ‘හැම දෙනාම ඉගෙන ගත්තතොත් ගහක ගෙඩියක් කඩා ගන්නවත් කෙනෙක් සොයා ගන්නට නැති වේවි’ කියා ඞී. එස්. එදා කීවේ යැයි වාමාංශිකයන් විසින් ප‍්‍රචාරය කරන ලදී. ඉංග‍්‍රීසි පාලකයන්ගෙන් වරප‍්‍රසාද ලත් ඉංග‍්‍රීසි උගත් අතේ සල්ලි ඇති ධනවත් පිරිසකට පමණක් අධ්‍යාපනය සීමා වී තිබුණ යුගයක, තම නිදහස් අධයාපන යෝජනාව මඟින් කන්නන්ගර මහතා බැලූවේ රටේ පොදු මහජනතාව දෙස බව විවාදයක් නැත. රටේ හැම දෙනාටම ඉගෙන ගන්නට සමාන නිදහසක් තිබිය යුතු යැයි කියා කන්නන්ගර මහතා විශ්වාසයට ගන්නේ ඉගෙනීමට කිසිදු තරාතිරමක් බලනොපාන බව මූලික අයිතිවාසිකමක් ලෙස ලෝක සම්මතයෙන් පිළි ගන්නටත් පෙරදී විය යුතුය. එහෙත් කන්නන්ගර මහතාට එක දෙයක් කල්පනා කරන්නට අමතක වූ බව පෙනේ. එනම් සීමා මායිම් නැතිව අධ්‍යාපනය ලැබීම කාටත් නිදහස් කරන්නේ මොනවා ඉගෙන ගන්නට ද යන්නයි. එනම් ඔහු අධ්‍යාපනය නිදහස් කරන්නට යෝජනා කරන්නේ මේ රටේ සංසකෘතියට පොළවට ගැලපෙන හා ලෝකයට විවෘතවිය හැකි අධ්‍යාපන ක‍්‍රම වේදයක් සහිතවද යන පැනයට විසඳුමක් ඇතිව නොවේ. එය හරියට පිපාසයෙන් පීඩිතව සිටි පිරිසකට පිරිසිදු ජල මාර්ගයක් සපයනවා වෙනුවට කවරාකාරයක හෝ ද්‍රාවණයක් බීමට හැකි කෝප්ප හෝ බඳුන් බෙදා දීමක් වැනි විය. නිදහස් අධ්‍යාපනය නිසා ගමේ අන්තිම දුප්පත් දරුවාට වුවද ඉගෙනීමේ අග‍්‍ර ඵලයක් සේ සැලකෙන වෛද්‍ය වරයෙකු වීමට පවා දොරගුළු විවෘත වූ බව පිළිගැනේ. සාක්‍ෂරතාව අතින් ලංකාව ඉහළම ප‍්‍රතිශතයක් කරා ළඟා වූ බවද වාර්ථා වේ. එහෙත් නිදහසේ ඉගෙන ගන්නට ලැබෙන විෂය පාඨමාලාව හරහා තම හෘද සාක්‍ෂියට හා සදාචාරමය වර්ධනයට ලැබුණේ කවර ඉඩක්ද යන්න ප‍්‍රශ්නයකි. හෘද සාක්‍ෂියක් නැති, සදාචාරවත් නැති, ආධ්‍යාත්මික සංවර්ධනයකින් තොර මොනම ඉගෙනීමක්වත් මිනිස් සංහතියට හා සොබා දහමට හිතකර වන්නේ නැත. අධ්‍යාපනය නිදහස් කරන විට ඒ ගැන සිතා තිබුණු බවක් නොපෙනේ. කන්නන්ගර මහතා එකී යෝජනාව ගෙන එන්නේ යහපත් චේතනාවෙන් වූවාට සැක නැත. එහෙත් ඉගෙනීමේ වටිනාකම පුළුල් අරුතකින් වටහා ගත හැකි සමාජයක් ඒ වන විට රටේ තිබුණාද යන්න ගැටළු සහගතය.
|
|
Read more...
|
|
|
|
|
|
|
Page 1 of 8 |